රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයට සුභ පණිවිඩයක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පත් කරන ලද කමිටුවේ නිදේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11 ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05 ක පවතින පුරප්පාඩු 4987 ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අද (20) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ අනුව, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව් ඇත.

එම කැබිනට් අනුමැතියට අනුව ධීවර, ජලජ සම්පත් හා සාගර සම්පත් අමාත්‍යාංශයේ පුරප්පාඩු 101ක්,අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු 294ක්,රාජ්‍ය පරිපලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පුරප්පාඩු 184ක්,අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පුරප්පාඩු 276ක්,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 718ක් සහ පළාත් සභාවල පුරප්පාඩු 257ක් වෙනුවෙන් බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...