34 ත් වයසක් ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 21,(LNW)කොළඹ :

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් බංගලාදේශයට එරෙහිව ඉන්දියාව කඩුලු 6 ක ජයක් ලැබීය.ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ඉවසිලිවන්ත ඉණිමක් ක්‍රීඩා කරමින් ශතකයකට වඩා වටින නොදැවුණු ශතකයක් (101) එක් කළ ෂුබ්මන් ගිල් තරගයේ වීරයා වුවත්,බංගලාදේශය ලකුණු 228 ට නවතාලීමට මූලිකත්වය ගත්තේ මොහොමඩ් ෂාමි ය.ඔහු අපට ලකුණු 53 ට කඩුලු 5 ක් දවා ගනිමින් විමසා සිටියේ සරලවම 34 ත් වයසක් ද යන්නය.


පාදයේ වළලුකර ප්‍රදේශයේ සිඳු වූ සැත්කමකින් සහ දනහිස ආබාධයක් සඳහා කළ ප්‍රතිකර්මවලින් පසුව සිඳු වූ පුනරුත්තාපන ක්‍රියාවලිය යටතේ ෂාමි සිටියේ මුල් සිටම ඇවිදින්න උගනින දරුවෙකු මට්ටමේය.ඔහුට පොළවට පය ගසන්නට කාගේ හෝ වාරුව අවශ්‍යය විය.එසේම පය නොපෑරෙන සේ තබා ඇවිදින්නට පියවරෙන් පියවරට උපදෙස් ලැබිණ.තොටිලි වැට අල්ලා නැඟිටිනවා සේ ඔහු පියවරෙන් පියවර යළිත් ප්‍රකෘතියට ආවේය.


ඔහුව උවමනාවෙන් බලාසිටින ඉන්දීය බල ඇණියේ විශ්වාසය සහ ලෙංගතුකම මොහොමඩ් ෂාමීව සුවපත් කිරීමේ ක්‍රියාවලිය තුළ මනසට දුන් විවේකය සහ ධෛර්යය සුවිශේෂීය.ඒ ආදරවන්ත මැදිහත් වීම දින දින පසුකරන වයස ඔහුට අමතක කළේය.වේග පන්දු යවන්නෙක්ට ආබාධ,තිහ පැන්න පසු හමුවීමේ සම්භාවිතාව පළල් එකකි.ඔහු ඊට මුහුණ දුන්නේය.විද්‍යාවේ ආධාරයද,මිත්‍රත්වයේ සහ විශ්වාසයේ ශක්තියද ගෙන ඔහුගේ වේගය තිබුණ මට්ටමම පෙණෙන සේ අලුත්වැඩියා කර ඇති බව ඔහු ඩුබායි හී දී පෙන්නා දුන්නේය.බංගලාදේශයට එරෙහිව ඔහු අතින් ලකුණු 53 ට බිඳ වැටුණු කඩුලු 5 ෂාමීගේ වේගය සහ මුසු අත්දැකීම් ගැන ඉව ඇති සියලු කණ්ඩායම් වෙත මානසික පීඩනයක් ඇති කරන බව සැක නැත.ඒ සියල්ලට ෂාමිගේ වේගය,ඉලක්කය සහ උපායශීලීභාවය තුළින් ඇසුණේ එකම පැනයකි.
ඒ 34 ත් වයසක් ද යන්නය.


ෂාමිගේ ආබාධවලට නවත්තන්නට බැරි සිරුරේ තරුණකම තවමත් වැඩ කරන්නට සූදානම් බව පැහැදිළිය.කෙසේ වුවත් 30 පැන ගෙවෙන හැම පැයම වේග පන්දු යවන්නෙක්ට දරා ගැනීමට ඔරොත්තු දෙන ආකාරයට ශරීරය පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිඳු වෙයි. ෂාමී ඒ අතර උඩුඟං බලා යමින් ඇත.ඒ සීමාව උපයාගත් ගෞරවය ද සමඟ කෙතරම් දුරක් ද යන්න තීරණය කිරීම ෂාමී අතේය.ඒ ගෞරවය එපරිද්දෙන්ම රැකෙන හැටියට ෂාමිව කළමණාකරණය කිරීම ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාළකයන් අතේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...