සිංගප්පූරුවේදී විරේන් අවසාන අටට සහ රනිත්මා අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 21,(LNW)කොළඹ :

සිංගප්පූරුවේ පැවත්වෙන SBH Singapore International Challenge 2025 බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ අර්ධ අවසන් පූර්ව වටයටත්,කාන්තා අංශයේ දී රනිත්මා ලියනගේ ත් අවසාන 16 දෙනාගේ වටයේ තරග සඳහාත් සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිනවා


මේ තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිමි ක්‍රීඩකයින් තිදෙනෙකු සහභාගි වූ අතර විරේන්ට අමරතව රසිඳු හෙන්දහේවාත්, දුමිඳු අබේවික්‍රමත් තරගාවලිය නියෝජනය කරනු ලැබුවා.ඔවුන් මුහුණ දුන් පළමු තරගයෙන් පරාජය වුවත්,ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාගෙන් කිසිවෙක් සුදුසුකම් ලැබීමේ වටයට නො‘පිවිස මුල් ක්‍රීඩකයින් 64 දෙනා අතර තරග කිරීමට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව ලබා ඇති ප්‍රගතිය පෙන්වන ජයක් හැටියට හඳුන්වන්නට හැකියි.
විරේන් මේ දක්වා සහභාගි වූ තරගවලදී මැලේසියාවේ ජොසුවා යන්ග් ලකුණු 21-16 සහ 21-19 ක් ලෙස ද,චීන තායිපේ රාජ්‍යය නියෝජනය කරන වැන්ග් – යූ කායි ලකුණු 21-17,23-25,21-17 ලෙස ද පරාජය කරන්නට සමත් වුණා.අවස්න 16 දෙනාගේ වටයෙන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඔහු විසින් පරාජය කරනු ලැබුවේ ඔන්ග් ෂි යී යි.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 6-21,21-18,21-13 ලෙසයි.ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී තවත් චීන තායිපේ ක්‍රීඩකයෙකු වන චෙන්ග් ටී ටිඈන්ග් ට මුහුණ දීමට නියමිතන සිටිනවා.


රනිත්මා ලියනගේ අවසන් 16 අතරට පැමිණියේ ඇයට වඩා වසර 6 ක් පමණ වැඩිමහල්,24 හැවිරිදි ඉන්දියාවේ පූර්වා බ්‍රේව් පරාජයට පත් කරමින් වන අතර රනිත්මා එම තරගය ලකුණු 13-21,2115,
22-20 ලෙසයි.ඇය 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රිඩිකා හුන්ග් යී ටිඈන්ග් මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...