අපරික්ෂාකාරී දුම්රිය ධාවනට එරෙහිව පරිසර හා සත්ව සංවිධාන විරෝධතාවක! (PHOTO STORY)

කොළඹ LNW:දුම්රියේ ගැටී වන අලි මිය යෑමේ සිද්ධිය පාදක කරගෙන අද (21) කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පරසර සත්ව සංවිධාන එකමුතුව විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර අහිමි වන අලි ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසයි ඔවුන් බලකළේ.

අපරික්ෂාකාරී දුම්රිය ධාවන හේතුවෙන් මෙලෙස අලි සම්පත අහිමි වන බවයි ඊට එක්ව සිටි පරිසරවේදීන් ඇතුළු පිරිස පැවසුවේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය වෙත ලිපියක් භාර දීමටද ඔවුන් කටයුතු කරන ලදී.

පසුගිය කාලය පුරාම මඩකලපුව මාර්ගයේ මෙම වන අලි දුම්රියේ ගැටී අනතුරට පත්වීම් වාර්තා වූ අතර අලි මාර්ගය මාරුවන ස්ථානවල වේගය සීමා කර දුම්රිය ධාවනය කරන ලෙස දැන්වීම් පුවරුද එම මාර්ගයේ සවි කර තිබුණද මෙම කණගාටුදායක පුවත වරින් වර වාර්තා වෙමින් තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...

මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...

නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...