අපරික්ෂාකාරී දුම්රිය ධාවනට එරෙහිව පරිසර හා සත්ව සංවිධාන විරෝධතාවක! (PHOTO STORY)

Date:

කොළඹ LNW:දුම්රියේ ගැටී වන අලි මිය යෑමේ සිද්ධිය පාදක කරගෙන අද (21) කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පරසර සත්ව සංවිධාන එකමුතුව විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර අහිමි වන අලි ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසයි ඔවුන් බලකළේ.

අපරික්ෂාකාරී දුම්රිය ධාවන හේතුවෙන් මෙලෙස අලි සම්පත අහිමි වන බවයි ඊට එක්ව සිටි පරිසරවේදීන් ඇතුළු පිරිස පැවසුවේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය වෙත ලිපියක් භාර දීමටද ඔවුන් කටයුතු කරන ලදී.

පසුගිය කාලය පුරාම මඩකලපුව මාර්ගයේ මෙම වන අලි දුම්රියේ ගැටී අනතුරට පත්වීම් වාර්තා වූ අතර අලි මාර්ගය මාරුවන ස්ථානවල වේගය සීමා කර දුම්රිය ධාවනය කරන ලෙස දැන්වීම් පුවරුද එම මාර්ගයේ සවි කර තිබුණද මෙම කණගාටුදායක පුවත වරින් වර වාර්තා වෙමින් තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...