බෙලිඅත්තේ හිටපු සභාපති ඇප මත නිදහස් !

0
800

ඊයේ (21) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ අද (22) ඇප මත නිදහස් කර තිබේ.

ඔහුව ඊයේ රාත්‍රියේ මත්තල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ ගිනිඅවියක් සමග ය.

අද දිනයේ ඔහුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කර ඇත.