ප්‍රවීණ ප්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සන්තුස ලියනගේ අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

ප්‍රවීණ ප්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සන්තුස ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් සඳහා පාත්‍ර වූ සන්තුස ලියනගේ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළාය.

නවමු තාලයේ රූප භාවිත කරමින් ඔහු තිරය මත ඇඳි සිතුවම් බොහෝය. නොබියව තම නිර්මාණ පරිශීලනය කිරීමට ජනතාව පොලඹවන සන්තුස මහතා, බුද්ධි වර්ධනය පිණිස නිර්මාණ කරන්නන්ගේ ලැයිස්තුවටද ඇතුළත් විය.

කාහලනාදය / භාවතීර්ත / දූලි පින්තාරු ඇතුළු ප්‍රසාංගික මෙන්ම ඒකාංගික ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කිරීමට කටයුතු කළ ඒ මහතා, 1990 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයට එක්වූ අතර, වසර 34ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රම ගියේය.

.

වෙනස් ආරක නිර්මාණ ජනතාවට දයාද කළ නිර්මාණකරුවෙක් ලෙස දෙස් විදෙස් සම්මාන උළෙල රැසකදී ඒ මහතා සම්මානයට පාත්‍ර වූ ඒ මහතා මිය යනවිට 57 වන වියේ පසු විය.

සන්තුස ලියනගේ මහතා කලක් අසනීප තත්ත්වයෙන් ද පසුවූ බව වාර්තා විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාලඹේ තලාහේනේදී පොදු සුසාන භූමියේදී අනිද්දා (26) සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...