අදින් ඇරඹෙන ග්‍රහලෝක පෙරඩ් එක!

Date:

සටහන – පුලී
පෙබරවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 දුර්ලභ ආකාශ සංසිද්ධියක් දැනට සිදුවෙමින් පවතින බවත්, එමඟින් ශ්‍රී ලාංකිකයින්ට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක හතක් පේළියකට පෙළගැසී දිස්වන අයුරු නිරීක්ෂණය කිරීමට හැකි වන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

ඔබට මෙම දුර්ලභ සිදුවීම අද (25) සිට පෙබරවාරි 28 දක්වා හිරු බැස යෑමෙන් පසු දැකගත හැකිය.

පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක මෙම කාලය තුළ පොදු මාර්ගයක් අනුගමනය කරමින් ගමන් ගන්නා බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

නාසා ආයතනයට අනුව, පෙළගැස්මක් ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක කිසිදු දෘශ්‍ය ආධාරයකින් තොරව දෘශ්‍යමාන වීමට ඉඩ සලසයි.
නෙප්චූන් සහ යුරේනස් ඇසට හසු කර ගැනීමට ඔබට දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...