ඝාතන උත්සාහයන් ගැන තොරතුරු තිබියදී ගණේමුල්ල සංජීව අලුත්කඩේට ගෙනාවේ අධිකරණය නියෝගයකින්මද ?

Date:

කොළඹ LNW:අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ මැදිරියක් තුළ ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව එදින අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ඔජුව භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරී වෙත ලද නියෝගයක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

ඒ අනුව පසුගිය පෙබරවාරි 19 වැනිදින ඔහුව බන්ධනාගාරය විසින් අධිකරණය වෙත රැගෙන ආ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

”ඔහුව ඝාතනය කරන්නට උත්සහ දරන බවට මුල්කාලයේ සිටම තොරතුරු තිබුණා. ඒ අනුව තමයි අපි ඔහුට බන්ධනාගාරයේ සිට රැගෙන එන හැම අවස්ථාවකම විශේෂ කාර්ය බලකාය සහිත ආරක්ෂාව යෙදවූයේ. ඒවගේමයි එදින පෙබරවාරි 19 වැනිදින අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් මත. ඒ අනුව බන්ධනාගාර අධිකාරී වෙත,බූස්ස බන්ධනාගාර අධිකාරී වෙත අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා විසින් නියෝගයක් නිකුත් කරලා තිබුණා අංක 70755/4/22 නඩුව සඳහා දෙවෙනි චූදිත වශයෙන් ඉන්න සංජීව කුමාර සමරරත්න කියන චුදිතයාව පෙබරවාරි 19 වැනි දින විභාගය සඳහා භෞතිකව ඉදිරිපත්කිරීමට. අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත තමයි බන්ධනාගාරය විසින් භෞතිකව මෙම පුද්ගලයා අරගෙන ආවේ. ඉන් අනතුරුව එම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොසිටීම හේතුවෙන් වෙනත් අධිකරණයකට ගියේ. නමුත් අධිඅක්රණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගර අධිකාරී වෙත නිශ්චිත නියෝගයක් තිබුණා. ශ්‍රී ලංකා පොලීසිය ඇත්තටම කරන්නේ මේ රැගෙන එන අවස්ථාවේ ආරක්ෂාව සැපයිම. බන්ධනාගාරය විසින් තමයි ඔවුන් අධිකරණය වෙත රැගෙන ඒම සහ ඉන්නතුරුව රැගෙන යාම සිදුකරන්නේ. ඒ අතරමඟදී ආරක්ෂාව සැපයීම තමයි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන්නේ.” යනුවෙන් මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...