රූපවාහිනිය කබලෙන් ලිපට ?

Date:


කොළඹ LNW: ජාතික රූපවාහිනිය මෑත අවධියේදී විශිෂ්ට ටෙලිනාට්‍ය, විශිෂ්ට සංගීත වැඩසටහන් සහ විධිමත් පෙළගැස්මක් සහිතව යම් ඉහළ තලයකට පැමිණෙනු දකින්නට ලැබිණි. අත්දැකීම් වලින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකු සහ කීර්තිමත් ගීත රචකයකු පසුගිය මාස කිහිපය තුළ එම තනතුරට අදාළව ගත් ක්‍රියාමාර්ග එකී ජනප්‍රසාදයට හේතු විය. වසර ගණනාවකට පසු රූපවාහිනියෙන් ඈත්ව සිටි ටෙලි නාට්‍යකරුවන්ද වෙනත් කලා ශිල්පීන් ද නැවත රූපවාහිනිය වටා ඒකරාශී වූයේ ප්‍රේක්ෂකයන් තුළ විශ්වාසය දල්වමිනි. ටෙලිනාට්‍ය මිලදී ගැනීම සම්බන්ධවද විධිමත් ක්‍රමවේදයක් වර්තමානයේ ක්‍රියාත්මකව පවතී. එහෙත් යළිත් රූපවාහිනී වැඩසටහන් අංශයට කනකොකා හඬවන බව අපට දැනගන්නට ලැබී තිබේ.

මීට වසර කීපයකට පෙර වැඩසටහන් අංශය භාරව සිටි නිලධාරියා ටෙලි නාට්‍ය ප්‍රදර්ශනය සඳහා අල්ලස් ගැනීම පිළිබඳව ප්‍රකටව සිටියේය. එසේම ඔහු ඉහ වහා ගිය බේබදුකමක් ප්‍රදර්ශනය කළ අතර කාන්තා අතවර සම්බන්ධවද චෝදනා ලැබ සිටියේය. බීමතින් ගොස් මිනිසුන් රිය අනතුරකට භාජනය කර ඔහු රිමාන්ඩ් ගත වූ වාර සංඛ්‍යාවද එකක් දෙකක් නොවේ. පසුගිය වසරේ බීමතින් රාජකාරියට පැමිණ කාර්යාල පරිශ්‍රයේ වාහන කීපයකටද සිය රථයෙන් හානි පමුණුවා විනය විරෝධීව හැසිරීම නිසා වැඩ තහනමකට ලක්වූ අතර වසරක පමණ ඇවෑමෙන් නැවත ඔහු සේවයේ පිහිටුවා තිබේ. අල්ලසට දූෂණයට බේබදුකමට සහ ස්ත්‍රී ලෝලිත්වයට නැඹුරු වුණු මෙම පුද්ගලයා යටතට නැවතත් රූපවාහිනී වැඩසටහන් අංශය භාර දීමේ සූදානමක් ඇති බව දැනගන්නට ඇති අතර රූපවාහිනිය කබලෙන් ලිපට ඇද වැට්ටවීම එමගින් ඉක්මන් වනු ඇත. වත්මන් ආයතන ප්‍රධානීන් මෙම නිලධාරියාට බියපත්ව කෙලින් සෘජු තීරණ ගැනීමට නොහැකිව සිටින බවද දැනගන්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික නිර්දේශය මත කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් හෝ සුදුසුකමකින් තොරව එවකට සේවයට පැමිණි මෙම පුද්ගලයා පසුගිය කාලය පුරා දැරූ තනතුරට කොඩිවිනයක්ව සිටියේය. දැන් යළිත් ඔහු වැඩසටහන් අංශයට සම්බන්ධ තනතුරක ස්ථානගත කර ඇත. මේ මොහොතේද ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයකට අල්ලස් ගැනීම සම්බන්ධව ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුවෙමින් පවතී. ඔහුගෙන් ජාතික රූපවාහිනිය ගලවා ගැනීම නලින්ද ජයතිස්ස ඈතුලු ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව රූපවාහිනී සේවකයෝ අවධාරණය කරති.

දැනට එම පුද්ගලයාට ක්‍රීඩා වැඩසටහන් සහ හඬකැවීම් වැඩසටහන් භාරදී තිබේ.
එවැනි පුද්ගලයෙක් වැඩසටහන් අංශයට අදාළ කිසියම් හෝ තැනක ස්ථානගත කිරීම අංශයේ අභාග්‍ය බවත් රූපවාහිනියේ ඇදවැටීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...