කෙඳිරිගාන්න එපා.ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට දෙන්න!(VIDEO)

Date:

කොළඹ LNW:රජයේ මැති ඇමතිවරු කියන ආකාරටය තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරුනම් තවත් ඔය පුටුවල නොසිට රාජපක්ෂවරුන්ටම භාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

රටේ ආරක්ෂක ඇමතිකම මාසයකට ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන ලෙසත් පවතින ප්‍රශ්න සියල්ල ඔහු විසඳා දෙනු ඇති බවත් ගමගේ මහතා කියාසිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පරිණත නයකයෙක් මෙන්ම ආරක්ෂක ලේකම් ලෙස දක්ෂ අයුරින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයෙක් බවයි ඔහු පැවසුවේ.

සිදුවෙමින් තිබෙන ඝාතන සිද්ධීන් රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැරකරන්නේ නම් ජනතාව තුනෙන් දෙකක බලයක් දී මාලිමා ආණ්ඩුවක් පත්කළේ ඇයිද යන්න මනෝජ් ගමගේ මහතා ප්‍රශ්න කරන ලදී.

ජනතාව රාජපක්ෂවරු ගෙදර යවා තුනෙන් දෙකක බලයක් දී ඇති මොහොතක තවදුරටත් කෙඳිරිනොගා කටයුතු කරන ලෙස ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...