පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම්,මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය ජන ජීවිතය නොසන්සුන් කළ බව පිළිගන්නේ නැහැ – මහජන ආරක්ෂක ඇමති (VIDEO)

Date:

කොළඹ LNW:පසුගිය දිනවල තැන තැන සිදු වූ වෙඩි තැබීම්,මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය ජන ජීවිතය නොසන්සුන් කිරීමට හේතුවක් වූ බවට පිළිනොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතන මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක වන ජංගම සංචාර,මාර්ග බාධක,ක්ෂණික මාර්ග බාධක රාජකාරී,ත්‍රිවිධ හමුදා පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් සිදුකරන මෙහෙයුම්,ක්ෂණික ප්‍රතිචාර යතුරු පැදි ඒකක මෙන්ම බුද්ධි අංශ ආවේක්ෂණ රාජකාරී දිවයින පුරාම ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අත්අඩංගුවට පත්වෙන සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ක්‍රියාපටිපාටියක් ද ක්‍රියාත්මක බව විජේපාල මහතා කියාසිටියේය.

මේ අතර පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම අතරද කිසිම ගැටුමක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

රජයේ ප්‍රතිපත්ති පප්‍රකාශනයේ සඳහන් පරිදි උසස් ජාතික ආරක්ෂාවත් සුරක්ෂිත රාජ්‍යයක් යන තේමාව යටතේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම සහ වගවීම සහතික කරන ජාතික ආරක්ෂක කවුන්සිලය ශක්තිමත් කිරීමටද රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...