ලංකාවේ එකම බලාපොරොත්තුව වූ විරේන්ට අවසන් තරගය අහිමි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 02, (LNW)කොළඹ

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ ඉදිරියට පැමිණි එකම තරගකරු වූ විරේන් නෙත්තසිංහ අවසන් පූර්ව තරගයේදී මැලේසියාවේ සොලේහ් අදීල් අතින් පරාජයට පත් වුණා.බැඩිමින්ටන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 68 වන තැන සිටින අදීල් 25 හැවිරිදි ජාත්‍යන්තර තරගාවලි කිහිපයක ජයග්‍රහණ ලබා ඇති මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල දෙවන තැනට සිටින ක්‍රීඩකයායි.


විරේන් මෙම තරගාවලියේ දී වඩාත් වෘත්තීය මට්ටමේ තරග රටාවක් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණුනා.තරගයක් ජයග්‍රහණය වෙනුවෙන් සැළසුම් කිරීමේදී දැක් වූ හැකියාව එහිදී අගය කළ යුතුයි.එහෙත් බොහෝ තරග වට 2-0 ලෙස නිමා කිරීම වෙනුවට පළමු වට දෙකේ දී යම් ලිහිලක් ප්‍රතිවාදියාට ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.මේ නිසා ඔහුට ඉදිරියට යන්නට යන්නට වෙහෙසකර තත්ත්වයන් යටතේ තරග වඳින්නට සිඳුවන අතර ඔහුට සිය ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා මුල් වටවල ජයග්‍රහණ 2-0 ක් ලෙස නිමා කර ගන්නට ඇති හැකියාව ගැන වැඩි අවධානයක් යොමු කිරීමට අවධානය යොමු කළ යුතුයි.විරේන් මේ තරගාවලියේ අවසාන සිව් දෙනා අතරට ඒම සඳහා ලැබූ ජයග්‍රහණ හතරෙන් තුනක්ම වට 2-1 ජයග්‍රහණ වීම ගැන ඔහු ස්වයං හැදෑරීමකට සහ ස්වයං අධ්‍යයනයකට යොමු වීම වැදගත් වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඹිලිපිටියේ ගරාජයක් තුළින් සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් මතු වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ඇඹිලිපිටිය පොලීසිය විසින්...

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...