සටහන – රුවන් නෙළුගොල්ල
රටේ බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අනාවරණයක් කර ඒ සදහා බලශක්ති ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් පිළිතුරු අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (මාර්තු 03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අඩු කරනවා කිව්ව තෙල් මිල අඩු නොකරන්නේ ඇයි ?
ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් තෙල් මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කරනවා සහ ඒ සදහා හේතු ඉදිරිපත් කළ බවත් වත්මන් ජනාධිපතිවරයා පවා තෙල්වලට රුපියල් 50ක බද්දක් සහ තවත් බදු ඇති බවට පැවසූ බවත් තෙල් සංස්ථාව ණය නැති බව පැවසූ බවත් මේ බදු සියල්ල ඉවත් කර සහන මිලට තෙල් ලබාදෙන බව කිව්වත් එම පොරොන්දුව ඉටු නොවූ බවත් ජනතාව එය ඉටු වනතුරු අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මෙම පොරොන්දුව ඉටු නොකරන්නේ නම් හේතුව සහ ගැටලුව දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා ස්ථිර පිළිතුරක් අවශ්‍ය බවත් පැවසීය.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්නේ කවදාද?
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා වේදිකාවේ නැග විදුලි බිල අඩු කරන බවත් 9000 බිල 6000 දක්වාත් 3000 බිල 2000 දක්වාත් අඩු කරන බව පැවසූ බවත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ මහජන උපයෝගීතා කොමිසම හරහා සිවිල් ප්‍රජාව ජනතාව කළ යෝජනා සහ ඉදිරිපත් කිරීම් නිසා අඩු කිරීමට සිදු වූ බවත් එම නිසා ඉතිරි 13% අඩු නොකිරීමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එදා විදුලි බිල අඩු කරන්න කියද්දි මාස 6කට විදුලි බිල අඩු නොකරන බව පැවසූ බවත් මහජන උපයෝගීතා කොමිසම තීන්දුව දුන් පසු මහා භාණ්ඩාගාරයෙන් අහන්න ඕන වැනි කතා කියූ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
ඇත්තටම එදා විදුලි බලය ඇන හිටි හේතුව කවරේද?
මුළු රටම බලශක්ති අර්බුධයකට යාම ගැන විවාදයක් පවා ඇති වූ බවත් වදුරෙක් නිසා රිලවෙක් නිසා හෝ සූර්ය බලශක්තිය නිසා සිදු වූ බවට පැවසූ බවත් ජාත්‍යන්තර ලෝකයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කියා සිටියේ නම් වදුරෙක් නිසා මුළු රටේම විදුලි පද්ධතිය කඩා වැටුණු බවත් මේ නිසා සෘජු විදේශ ආයෝජනවලට සිදුවන දේ ගැන රජයට අදහසක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ යන විදිහට ගියොත් නම් 2028 ණය ගෙවන්නේ කොහොමද?
රටේ යම් කිසි ගැටලුවක් උද්ගත වන විට පැහැදිලි විනිවිදභාවයෙන් යුත් පිළිතුරු සැපයීමට බලශක්ති ඇමතිවරයා බැදී සිටින බවත් එය සිදු නොවන විට රටේම ජනතාව ඇතුළු කර්මාන්ත පද්ධතියම ඇනහිටින බවත් රට අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ඉලක්ක කරා යන්න අවශ්‍ය සෘජු විදේශ ආයෝජනවලටත් සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා 2028 ණය නැවත ගෙවන්න නම් ආර්ථික සංවර්ධන ඉලක්කයක් කරා යා යුතු බවත් මේ සියල්ල සම්පූර්ණ කර ගත නොහැකි වුවහොත් බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත් අවධාරණය කළේය.
එදා වැරදියි කියූ තෙල් මිල සූත්‍රය අද ආණ්ඩුව වෙනස් නොකරන්නේ ඇයි ?
මේ නිර්මාණය වී තිබෙන මිල සූත්‍ර වැරදි බවට දේශපාලන වේදිකාවේ කිව්වත් එය අද වන විට රජය අනුමත කරන තැනට පැමිණ ඇති බවත් අයිඑම්එෆ් එක කියන පදයටද නටන්නේ කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
