යළි පාර්ලිමේන්තු එන්නැයි GMOA වෙතින් රනිල්ට ඇරයුමක්!

Date:

කොළඹ LNW:නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතාට ඇරයුම් කර තිබේ.

ඒ, ඊයේ (05) දින හිටපු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතර පවතී හමුවේදීය.

මේ මොහොතේ වික්‍රමසිංහ පළපුරුදු නායකයෙක් පාර්ලිමේන්තුව තුළ සිටිය එහිදී වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් තමන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බවද වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

2025 අයවැයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ ක්‍රියවලිය තුළ වෛද්‍යවරුන්ට ලැබෙන දීමනා වල කප්පාදුවක් සිදුව ඇති හෙයින් එය නිවැරදි කරගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ දින භාර දී තිබේ.

එහිදී වෛද්‍යවරුන් මුහුණ දී සිටින ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය මූලික වැටුප සංශෝධනය සමග නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය පවත්වාගෙන යාම, රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා වෙයි.

ඒ අනුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට ලබා දීමට ද වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...