අගමැති හරිනිගෙන් විශේෂඥ කමිටුවක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති ගැටලුකාරි තත්‍ත්වය සහ ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක මහත්මිය පත් කර  තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් එච්. අප්සරා කල්දේරා, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිල සාමාජික දනුත් ඉලුක්කුඹුර, වරලත් ඉංජිනේරු එම්.එම්.ස්ටැන්ලි මොරේමඩ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කුශාන් කල්මිත් විජේසුන්දර සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති එච්.ඒ අබ්දුල් සත්තාර් යන මහත්ම මහත්මීන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...