අගමැති හරිනිගෙන් විශේෂඥ කමිටුවක්!

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති ගැටලුකාරි තත්‍ත්වය සහ ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක මහත්මිය පත් කර  තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් එච්. අප්සරා කල්දේරා, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිල සාමාජික දනුත් ඉලුක්කුඹුර, වරලත් ඉංජිනේරු එම්.එම්.ස්ටැන්ලි මොරේමඩ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කුශාන් කල්මිත් විජේසුන්දර සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති එච්.ඒ අබ්දුල් සත්තාර් යන මහත්ම මහත්මීන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...