ට්‍රම්ප්, මස්ක්ගේ ටෙස්ලා මෝටර් රථයක් මිලදී ගැනීමට යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් 15%කින් පහත වැටීමෙන් අනතුරුව තමා නවතම ටෙස්ලා මෝටර් රථයක් මිලදීගැනීමට සුදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ට්‍රම්ප්ගේම තීරුබදු පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තිය ආයෝජකයින් නොසන්සුන් කර ඇති අතර විශ්ලේෂකයන් සඳහන් කර තිබුණේ, ටෙස්ලා සමාගමේ විකුණුම් පසුගිය වසර පුරාම බිඳ වැටි තිබු බවයි.

ට්‍රම්ප් තීරුබදු වල ආර්ථික බලපෑම් ගැන සැලකිලිමත් වන ආයෝජකයින් කොටස් විකුණා දැමීමත් ට්‍රම්ප් ආර්ථික අවපාතයක් පිළිබඳව සඳහන් කිරීමත් සමඟ ඊයේ(10)දිනය වන විට එක්සත් ජනපද කොටස් වෙළඳපොළ පහත වැටුණි.

කෙසේ නමුත් ටෙස්ලා කොටස් මිල පහළ වැටීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් යොදමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රැඩිකල් වාම උන්මත්තකයන් එලොන්ට පැහැර දී නීති විරෝධී ලෙස සහ කුමන්ත්‍රණකාරී ලෙස ටෙස්ලා වර්ජනය කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, සැබවින්ම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවෙකු වන එලොන් මස්ක් කෙරෙහි විශ්වාසය සහ සහයෝගය පෙන්වීමක් ලෙස මම හෙට උදෑසන අලුත්ම ටෙස්ලා රථයක් මිලදී ගන්නා බවයි.

ඔහුගේ අදහස් දැක්වීමෙන් පසුව, ටෙස්ලා කොටස් පූර්ව වෙළඳපොල වෙළඳාමේදී 5% කින් පමණ ඉහළ ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...