දේශබන්දු ,ඩේසි ආච්චි සහ සෙව්වන්දි!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:මේ දවස්වල පොලිස් කටේ රැව්පිළිරැව් දෙන නම් තුනකි. මෙයින් දේශබන්දු හිටපු පොලිස්පතිවරයෙකි. හිටපු කිව්වට තවමත් ඔහු පොලිස් හැව සම්පූර්ණයෙන් අතහැර නැත. සංජීව ඝාතනයේ සැකකාරියක වන සෙව්වන්දි හා දේශබන්දු තෙන්නකෝන් තවමත් පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටී.

ඩේසි ආච්චි සමග ගනුදෙනුව නම් පොලීසිය යස රඟට රඟ දැක්වීය. 97 හැවිරිදි කාන්තාවක වූ ඩේසි ආච්චි කිසිදු පසුබෑමකින් තොරව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

කෙසේ වුවත් දේශබන්දු හා සෙව්වන්දි තවමත් හැංගිමුත්තමේය. සෙව්වන්දි කෙසේ වුවත් දේශබන්දු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නම් පොලිස් දෙපාර්තමේන්තුවට බලවත් අපහාසයකි. පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව පොලිස් ඇමතිටත් අභියෝගයකි. වගකිව යුතු බලවතුන්ගේ අනුදැනුම ඇතිව සැඟවී සිටිනවා යැයි ඇතමුන් නගන චෝදනාව ද නිකම්ම බැහැර කළ නොහැක. ඕපා දූප නම් ඕනෑ තරම්ය. ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් ගසට පොත්ත වගේ හොඳ යාළුවෝය. හිටපු පොලිස් ඇමති හා වර්තමාන ආණ්ඩුව අතර අනියම් සම්බන්ධයක් පවතින බවට ඉඟි පළවූයේ මේ ආණ්ඩුව බලයට පත් වීමට සෑහෙන කලකට පෙරය. එය චෝදනාවක් ලෙස ඉදිරියට ගෙන ආවේ මේ ආණ්ඩුවේම අතිරැඩිකල් වාම මිතුරන් විසිනි . හැබැයි එම චෝදනාව කවුරුත් දිගට අල්ලා ගෙන ගියේ නැත.

දේශබන්දු වාෂ්ප වීම පිළිබඳව මම නම් කිහිප ආකාරයකින් බලමි. දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිය. ඔහු හොඳ වැඩකාරයකු ලෙස කලක් නම රැන්දූ නිලධාරියෙකි. අත්දැකීම් බහුල එවැනි පුද්ගලයකුට උසාවිය, නීතිය ක්‍රියා කරන අන්දම තේරුම් ගැනීම අපහසු නැත. තමාට එරෙහිව දෙන නඩු තීන්දුව පිළිබඳව අනුමාන කිරීම ඔහු වැන්නකුට ඉතා පහසුය යන්න මගේ අදහසයි.

ඒ අනුව විනිශ්චය හා ඒ අනුසාරයෙන් සිදුවිය හැකි දේ පිළිබඳව කලින්ම පූර්ණ අවබෝධයක් තියෙන්නට ඇත. එම නිසා ඔහු රට පැන්නාය යන සැකයද කිසිසේත් බැහැර කළ නොහැකි යයි සිතමි. චෝදනාව, සාක්කි, තම හෘදය සාක්ෂිය පිළිබඳව හොඳින්ම දන්න පුද්ගලයා ද දේශබන්දු ය.

මෙහි තවත් පැති බොහෝය. ඔහුට හතුරන් මෙන්ම වෘත්තීය මිතුරන් ද බොහෝ දෙනකු සිටින්නට ඇතැයි යන්න ද ඉතා පැහැදිලි ය. මේ අනුව අටුවම්බැහැපු පොලිස් නිලධාරීයකුට ඇතුළතින් අනුග්‍රහයක් ලැබෙන්න ඇතැයි යන්නද සාධාරණ සැකයකි. පුදුම විය යුත්තේ එලෙස නොවෙනවා නම් පමණි.

එමෙන්ම වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ කිසියම් කැළඹිලි සහගත තත්ත්වයක් පවතින බවද රහසක් නොවේ. පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ඇතැම් ⁣නිලධාරීන් ආතතියට පත්ව ඇතැයි කියති. දිගු කාලීනව දූෂණ ක්‍රියාවල යෙදුන ඇතැම් නිලධාරීන්ට වෘත්තීය මාර්ග බාධක නිසා බොහෝ අබග්ගයන්ට මුහුුණ පෑමට සිදුවී ඇතැයිද වාර්තා වෙයි.

මේ කුමක් හෝ හිඩසක් නොතිබෙන්නට දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නුපුළුවන් වීමට ඉඩක් නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...