හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කරයි !

0
619

සටහන – රුවන් නෙළුගොල්ල

අක්මීමන ප්‍රදේශයේදී අද (මාර්තු 13) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ නිවසක සිටි හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු එයින් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයකු ලෙස සේවය කර විශ්‍රාම ගිය 61 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

මෙම හිටපු බන්ධනාගාර සහකාර අධිකාරීවරයා පසුගිය වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම ගිය අයෙකු බවත් සඳහන්.