වතුර බිංදුවක්වත් නැති ලක්ෂ 800ක ව්‍යාපෘතිය!

Date:

කොළඹ LNW:රුපියල් ලක්ෂ 800ක මුදලක් ඇස්තමේන්තු කොට පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් අඩක් නිම කළ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවීමෙන් ජලය නොලැබ තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු කියති.

වර්ෂ 2015දී අංකෙළිපිටිය ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් 11ක පවුල් 2000කට පමණ ජලය ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනා ක්‍රමය ආරම්භ කොට තිබේ.

ඒ අනුව මොරගොල්ල, හපුතලේ, උඩගම, හපුතලේ එගොඩගම, අංකෙළිපිටිය, නුගලියද්ද ඉහළ, නුගලියද්ද පහළ, ලෑටියගොල්ල යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි පවුල් සඳහා ජලය ලබාදීමට නියමිතව පැවැති බවයි ගම්වාසීන් පවසන්නේ.

ඒ සඳහා මොරගොල්ල ඔයා හරස් කොට ජල ටැංකි ඉදි කළ බවත් ජලය ගම්මාන කරා පොම්ප කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ නළ වළලා ඇති බව ද ඔවුහු කියති. නමුත් මෙම ජල යෝජනා ක්‍රමය අඩක් නිම කොට ව්‍යාපෘතිය අත හැර දමා ඇති බව කියන ගම්වාසීන් ගෙවුණු අවුරුදු 10ක කාලය තුළ ජල බිදුවක් හෝ ලබා දීමට මෙම ව්‍යාපෘතිය සමත් නොවුණූ බව ද පවසන ලදී.

විවිධ අවස්ථාවලදී පැවැති මැතිවරණවලදී ජලය ලබා දෙන බවට කරන පොරොන්දුවක් වශයන් මෙම ජල යෝජනා ක්‍රමය පවත්වා ගෙන යන බව කියන ගම්වාසීන් මැතිවරණයක් එළැඹෙන විට මෙහි ඉදි කිරීම් ආරම්භ කරන බවත් මැතිවරණය අවසන්වූ වහාම ව්‍යාපෘතිය නවතා දමන බවත් පැවසුවේය.

පාතහේවාහැට ජලය නොමැති ප්‍රදේශයක් වන නමුත් මොරගොල්ල ඔයට යාබදව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද නළ ළිඳකින් අඛණ්ඩව ජලය ලැබෙන බවත් ඉකුත් ජනාධිපතිවරණට පෙර ඉදි කරන ලද මෙම ළිදෙන් මේ දක්වා කිසිදු ප්‍රයෝජනයකින් තොරව ජලය අපතේ යන බව ද ඔවුහු පවසති.

පවුල් 2000කට අධික ප්‍රමාණයක් පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනිමට නොහැකිව පීඩා විඳින විට මේ අයුරින් ජලය අපතේ හැරීම අපරාධයක් යැයි පෙන්වා දෙන ගම්වාසීන්, අත් හැර දැමූ ව්‍යාපෘතියේ වලළා ඇති ජල නළ වෙත මෙම ජලය සැපයීමේ හැකියාවක් ඇත් නම් තමන්ට අඛණ්ඩව ජලය හිමිවන බව ද තව දුරටත් පෙන්වා දෙයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...