බුදු මැදුරක් ඉදිරිපිට සිදුවූ අම්බලන්ගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (14) සවස 06.30 ට පමණ අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ ඉඩම්තොට, කුලීගොඩ පදිංචි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා නමැති අයෙකි. ඔහු 39 හැවිරිදි අයෙකු බවත් සිව්දරු පියෙකු බවත් සඳහන්.

මෙම පුද්ගලයා අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩම්තොට හන්දියේ බුදු මැදුර අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔහු පොලීසියට ඔත්තු ලබාදෙන්නේ යැයි ඇතිවූ සැකයක් මත මෙසේ වෙඩිතබා ඝාතනය කරන්නට ඇතැයි සැකයක් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...