බුදු මැදුරක් ඉදිරිපිට සිදුවූ අම්බලන්ගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (14) සවස 06.30 ට පමණ අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ ඉඩම්තොට, කුලීගොඩ පදිංචි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා නමැති අයෙකි. ඔහු 39 හැවිරිදි අයෙකු බවත් සිව්දරු පියෙකු බවත් සඳහන්.

මෙම පුද්ගලයා අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩම්තොට හන්දියේ බුදු මැදුර අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔහු පොලීසියට ඔත්තු ලබාදෙන්නේ යැයි ඇතිවූ සැකයක් මත මෙසේ වෙඩිතබා ඝාතනය කරන්නට ඇතැයි සැකයක් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...