මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ්අඩවිය හා යූටියුබ් චැනලය අගමැතිගේ අතින් අන්තර්ජාලයට

Date:

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය සහ යූ ටියුබ් චැනලය අන්තර්ජාලයට එක්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

දේශීය සහ විදේශීය වශයෙන් මෙරට සංස්කෘතිය පිළිබඳව ප්‍රචාරයක් ලබා දීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම මෙහි අරමුණයි.

ccf.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර “අපේ උරුමය” (Our heritage) නමින් නව යූ ටියුබ් චැනලයට පිවිසිය හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය කරන ප්‍රධාන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධය කිරීම එහි ප්‍රමුඛ කාර්යය භාරයකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සිය දායකත්වය සපයයි.

පළමුව සංස්කෘතික ත්‍රිකෝණය පාදක කරගනිමින් ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 6 කින් ඇරඹි මෙම ආයතනය නව සහශ්‍රකයේ උරුම කළමනාකරණ කටයුතු පුළුල් කරමින් එහි කටයුතු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද විහිදුවා තිබේ.

ඒ අනුව මේ වන විට දිවයින පුරා ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 24ක මෙම උරුම කළමනාකරණ කටයුත්තට මධ්‍යම සංස්කෘතික අරමුදල දායක වෙයි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භරකාරතැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, එහි ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ උපුල් බණ්ඩාරනායක, මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...