ඇමරිකාව දකුණු අප්‍රිකානු තානාපතිවරයා නෙරපා හරියි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය විසින් දකුණු අප්‍රිකානු තානාපති ඊබ්‍රහිම් රසූල් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

ඊබ්‍රහිම් රසූල් මීට පෙර 2010 සිට 2015 දක්වා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස සේවය කළ අතර 2025 දී නැවත එම තනතුරට බඳවා ගන්නා ලදී.

රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් Xහි සඳහනක් යොදමින් ප්‍රකශ කර තිබුණේ , තානාපති ඊබ්‍රහිම් රසූල් ඇමරිකාවට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෛර කරන බවත්, ජාති-විරෝධී දේශපාලනඥයෙකු වශයෙන් ඔහු සමඟ කිසිවක් සාකච්ජා කිරිමට් නොමැති බවත්, අපේ ශ්‍රේෂ්ඨ රට තුළ ඔහු තවදුරටත් පිළිනොගන්නා බවත්ය.

දකුණු අප්‍රිකාවට ආධාර කැටි කරන විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය මාසයේ අත්සන් කර ඇති අතර ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව අතර සබඳතා පිරිහෙමින් පවතියි.

මෙම පියවර දෙරට අතර ඉහළ යන ආතතීන්හි නවතම වර්ධනය සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...