ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ (LNW):

වයස අවුරුදු 70 ඉක්මවූ අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මාර්තු මාසයට අදාළ, රුපියල් 3,000ක් වූ මාසික දීමනාව සහ හිඟ දීමනා ලබන 20 වනදා සිට ගෙවීම් සිදු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

අදාළ ප්‍රතිලාභීන්ට තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල හරහා එම ගෙවීම් සිදු කරන බව,  එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා පැවසුවේය.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම “ස්ලිප්ස් ක්‍රමය” මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...