සටහන – රුවන් නෙළුගොල්ල
මේ වන විට රට තුළ සිදුවන වෙඩි තැබීම් නිසා රටේ ජාතික ආරක්ෂාව අනාරක්ෂිත වීමත් වත්මන් රජය පසුගිය රජය ඇති කර ගත් අයිඑම්එෆ් ගිවිසුමම අනුගමනය කිරීම වෙනුවට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුය යන ප්‍රධාන ගැටලු සහ මාතෘකා 3 කේන්ද්‍ර කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (මාර්තු 15) පාර්ලිමේන්තුවේදී රජයේ අවධානය සඳහා කරුණු රැසක් ඉදිරිපත් කළේය.
වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න
ජනතාවගේ ආරක්ෂාව ගැන ඊයේත් කතා කළ බවත් අක්මීමන බූස්ස, තල්දෙන මීගහකිවුල, අගුණුකොළපැලැස්ස, වැලිවේරිය වෙඩි තැබීම, මූතුර්වල ජීවිත අහිමි වීම් මෙන්ම අම්බලන්ගොඩ ඝාතනයක් මෙන්ම කොළඹ ග්‍රෑන්ඩ්පාස්වලත් ඝාතන සිදුව ඇති බවත් මහජන ආරක්ෂාව ගැන ලොකු ගැටලුවක් ඇති බවත් මෙය රටේ ජනතාවට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මිලේච්ඡ මිනිමරු සංස්කෘතිය නැති කරන්න කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් තවම පොලිස්පති මෙන්ම උසාවියේ මිනිමැරුම සංවිධානය කළ කාන්තාව පවා සොයාගත නොහැකි බවත් දිනපතා සිදුවන මේ මිනිමරු සංස්කෘතියට නැවතීමක් නැද්ද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා රටේ ජනතාව අනාරක්ෂිත වි ඇති නිසා මේ පිළිබද පැහැදිලි විසදුමක් ලබා දෙන්නට මෙන්ම රටට ඉදිරිපත් කරන ලෙසත් ය.
පසුගිය රජයේ අයිඑම්එෆ් ගිවිසුම අනුව ගියොත් නම් රටට ගොඩඒමක් නෑ
ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර බැදුම්කර හිමියන් මෙන්ම ද්වි පාර්ශ්වීය ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කරන්නට යන බවත් 2028 අප රටට ණය ගෙවන්න පුළුවන්ද කියා මෙය තීරණය වෙන බවත් රජය බලයට එන්නට පෙර නව ණය තිරසරකරණ වැඩපළිවෙළකට ගොස් නව වැඩපිළිවෙළකට යන බව පැවසූ බවත් පසුගිය රජය ඇති කර ගත් අයි එම් එෆ් ගිවිසුමේ රටට අහිතකර කරුණු රැසක් ඇති බවත් ආර්ථීකය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ණය හිමිකරුවන් අපට ලබා දෙන සහනය අඩුවන අරුම පුදුම සූත්‍රයක් පසුගිය රජය ඉදිරිපත් කර තිබියදී වත්මන් රජය ද අද වන විට හිටපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මතම පිහිටා ඇති බවත් මේ වන විට අප රට තිරසර ණය චක්‍රයේ අප රට නොමැත බවත් විදේශ ඇමතිවරයා ලෙස මේ ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේවා බොරු සංඛ්‍යා ඉදිරිපත් කර දේශපාලන ලකුණු ලබා ගන්න උත්සාහ කරන දෙයක් නොවන බවත් එම නිසා පසුගිය රජය ගිවිසුම් ගත වූ මේ ගිවිසුම අහෝසි කරන ලෙසත් රටම අන්දවා මේ කරන වැඩපිළිවෙළ වෙනස් කරන ලෙසත් 2028 වන තෙක් බලන් නොසිට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
1975න් පසු අයඑම්එෆ් ගිවිසුම් 75ක් විශ්ලේෂණය කරන විට එම ගිවිසුම් අතරින් 49%ක් සාර්ථක වී 59%ක් අසාර්ථක වී ඇති බවත් අප රට මේ 41% ගොඩට එන ලෙස ප්‍රාර්ථනා කරන බවත් මේ යන විදිහට ගියොත් අප රට ලොකු අමාරුවට වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදේශ ආයෝජන සහ වෙළෙදපොළ පුළුල් කර ගැනීමට කටයුතු කරන්න
අප රටක් ලෙස ප්‍රමාණවත්ව බාහිර පරිසරය ගැන යොමු කරන අවධානය ප්‍රමාණවත් නොවන බවත් ලෝකයේ වෙළෙද ක්‍රමය තුළ නිදහසේ සේවා හා භාණ්ඩ හුවමාරු කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රධාන වී ඇති බවත් වර්තමානයේ ලෝකයේ වෙළදාම මත පදනම් වූ බදු යුද්ධයක් ක්‍රියාත්මක බවත් මේ බදු යුද්ධය තුළ අප රටට අනාරක්ෂිතභාවයක් ඇති බවත් අප රටේ අපනයන ගමනාන්ත ඇත්තේ සීමාසහිත රටවලට බවත් මේ අපනයන ගමනාන්ත විවිධාංගීකරණය කරන්න නොහැකි වී ඇති බවත් එම නිසා අපනයන ගමනාන්ත වැඩි කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ඉන්දියාව සමග අප රටේ සම්බන්ධතාව ශක්තිමත් කළ යුතු බවත් පසුගිය කාලයේ අප රට අනාරක්ෂිත වන විට ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ අප රටට ආධාර හා මුදල් ලෙස ලැබුනේ ඉන්දියාවෙන් බවත් ඩොලර් බිලියන 6ක් වැනි මුදලක් දුන් බවත් ඉන්දියානු වෙළෙදපොළට අප රටේ නිෂ්පාදන භාණ්ඩවලට ප්‍රවේශය වැඩි කළ යුතු බවත් ඉන්දියාව මෙන්ම චීනය ද සම්බන්ධ කර ගත යුතු බවත් වැඩි ජනගහනයක් ඇති මේ රටවල වෙළෙදපොළට ප්‍රවේශය ඉතා වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
2028 ඉලක්ක කරා යන්න නම් සෘජු විදේශ ආයෝජන දිරිමත් කළ යුතු බවත් කලාප මට්ටමින් ඉන්දියන් කර්මාන්ත පුර ජපන් කර්මාන්තපුර ආදීය සම්පත් දායකයන් ආයෝජකයන් ලබා ගැනීමට විදේශීය රටවල් කේන්ද්‍රීය කර්මාන්ත කලාප වැඩපිළිවෙළකට යා යුතු බවත් එය රටට අගය එකතු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
