බිහිසුණු අනතුරින් කැලණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට දිවි අහිමි වෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ අද (19) අළුයම සිදුවූ රිය අනතුරකින් ,කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

තවද ඒ මහතාගේ දරුවන් තිදෙනා සහ බිරිරිඳ ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා මීරිගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර, බරපතළ තත්ත්වයේ පසුවු අයෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මීරිගම සිට කිලෝ මීටර 5ක් පමණ දුරින් මීරිගම දෙසට ධාවනය කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහන ලොරියක් හා මෙම වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්වූ ලොරිය හා වෑන් රථය මීරිගම පොලිසිය වෙත ගෙනඑනු ලැබ ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක බව පැවසේ.

මේ තම ආදරණීය ආචාර්යවරයාගේ වියෝව ගැන සිසුන් තැබූ සංවේදී සටහන් කිහිපයක්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...