*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

පුනරුදයේ ඇරඹුම මිල්කෝ වෙතින්?

කොළඹ LNW:රජයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය වන මිල්කෝ ආයතනය ජාතික ජන බලවේගයේ රජය යටතේ ඉතාම කෙටි කාලයක් තුළ සීඝ්‍ර දියුණුවක් ලබා ඇති ආකාරය එහි සභාපති හේමජීව ගෝඨාභය මහතා පවසයි.

අධික ණය බර නිසා ඉතා ඉක්මණින් ආයතනය ඈවර කර විදේශීය සමාගමක් වෙත පැවරීමට තිබුණු පසුබිමකයි ජාතික ජන බලවේගයේ නව පාලනය සමඟ 2024 ඔක්තෝම්බර් මාසයේ සිට මිල්කෝ ආයතනය වෙතත් නව පරිපාලනයක් පත්වන්නේ.

ඒ අනුව මේ වන විට ආයතනය දරා සිටි ණය බරින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා දමා ඇති අතර නිෂ්පාදනයන් ද ප්‍රමාණයෙන් වැඩිකර තිබෙන බව සභාපතිවරයා සඳහන් කරයි.

නව පරිපාලනය පත්වෙන විට කිරි ගොවියන් සඳහා ගෙවීමට තිබුණු හිඟ මුදල රු.මිලියන 500 ඉක්මවා තිබී ඇති අතර වෙනත් සැපයුම්කරුවන් වෙතද රු. මිලියන 790කට වැඩි හිඟ මුදලක් ගෙවීමට ඉතිරිව තිබී ඇත.

එපමණක් නොව එහි බැංකු අයිරාව රු මිලියන 1800 ඉක්මවා තිබුණු බවද සභාපතිවරයා කියාසිටියි.

පසුගිය ඔක්තෝම්බරයේ සිට මේ දක්වා වූ කෙටි කාලය තුළ කිරි ගොවියන්ට හා වෙනත් සැපයුම්කරුවන් වෙත ගෙවීමට තිබුණු හිඟ මුදල් සියල්ල ගෙවා ඇති අතර බැංකු අයිරාවෙන්ද සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට අලුත් වුණු මිල්කෝ ආයතනය සමත්ව තිබේ.

පසුගිය සමයේදී අඩපණ වී තිබුණු බෙදා හැරීම් ජාලයද මේ වන විට විධිමත් කර තිබෙන අතර රට පුරා ප්‍රධාන නගර ආවරණය වන පරිදි මිල්කෝ ආයතනයේම අලෙවි සල් 500ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.

මේ වන විට එම අලෙවි සල් කිහිපයක් ආරම්භ කර තිබෙන අතර ඉදිරි මාස තුනක පමණ කලය තුළ එකී ඉලක්කයට යා හැකි වනු ඇති බවයි සභාපතිවරයා තවදුරටත් පවසන්නේ.

දෛනික කිරි මිලදී ගැනීමද වැඩි කර ඇති බවත් තවදුරටත් හැකි තරම් කිරි මිලදී ගැනීමට ආයතනය සූදානම් හෙයින් කිරි නිෂ්පාදනය වැඩි කරගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා කිරි ගොවියන් වෙතද පණිවිඩයක් ලබා දෙයි.

ඒ අනුව 2025 සහ 2026 වසර තුළදී මිල්කෝ ආයතනය විශාල ප්‍රගතියක් අත්පත්කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් හිඳින බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan