දකුණේ තවත් වෙඩි වරුසාවක්. තරුණයින් දෙදෙනෙකු මරුට !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙවුන්දර විශ්ණු දේවාලය අසලදී ඊයේ (මාර්තු 21) මධ්‍යම රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙසේ වෙඩිතබා ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 ට පමණ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ය.

ඔවුන් දෙදෙනා දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති මිතුරෙකුගේ උපන් දින සාදයකට සහභාගී ආපසු පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වෑන් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථය යතුරුපැදියේ හප්පා ඉන් අනතුරුව ඔවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබී T56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්ද, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් ද පොලීසියට හමුවී ඇත.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා දමා ගොස් තිබියදී හමුවී ඇති අතර එය තුළ තිබී T56 ගිනිඅවියක මැගසින් එකක් සහ තවත් T56 උණ්ඩ කොපු හමුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙහිදී මියගොස් ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදිෂාන් හා පසිදු තාරුක නැමති 28 සහ 29 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...