නිල් බලා නිල් වූ නීල් නික්ම යයි!

Date:

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

බ්‍රිතාන්‍ය පොදු සභා ශාලාව (House of Commons) තුළදී කාමෝද්දීපන චිත්‍රපට නැරඹීමට අදාළව ගොනුවූ චෝදනාව හමුවේ ඒ මහතා මෙලෙස ඉල්ලා අස්ව තිබේ.

පාර්ලිමේන්තු පොදු සභා ශාලාවේ ඉදිරිපත් වූ යෝජනාවකට ඡන්දය විමසන අවස්ථාවකදී ඔහු මෙලෙස කාමෝද්දීපන චිත්‍රපට නරඹා ඇති අතර එම සිදුවීම ඇසින් දුටු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබිණි.

මෙම චෝදනාවට අදාළව මුළදී ප්‍රතිචාර නොදැක්වීමට ඒ මහතා කටයුතු කළද පසුව තමා කාමෝද්දීපන චිත්‍රපට අවස්ථා දෙකකදීම නැරඹූ බව පාපොච්චාරණය කළේය.

තමා කළ වරද සමඟ තමාට මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදුවනු ඇති බව ද හෙතෙම සිය පාපොච්චාරණයේ සඳහන් කර ඇත.

මීට අදාළව කන්සර්වේටිව් පක්ෂය එම මහතාට පක්ෂ තහනමක් ද පනවා තිබේ.

2010 වර්ෂයේ සිට කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටි නීල් පැරිෂ් මහතා විවාහකයකු මෙන්ම මුණුපුරන් දෙදෙනෙකු ට සීයා කෙනෙකු ද වෙයි.

සබැඳි පුවත්:

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...