(BREAKING) කඩුල්ල බිඳී අනතුරක් වුවත් කවීශ තරගය නිම කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 22, (LNW)කොළඹ

චීනයේ නැන්ජින් නුවර පැවත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ කවීශ බණ්ඩාර සහභාගි වූ මීටර් 60 කඩුලු ඉසව්වේදී ඔහු විසින් තරණය කරන්නට උත්සාහ කළ පළමු කඩුල්ලම විශ්මිත ලෙස හරස් භාරය ගැලවී යන ආකාරයට ඔහු ඇඳ වැටුණා.තත්පර 0.147 ක් වූ සහභාගි වූ තරගකරුවන් අතර හොඳම ආරම්භක ප්‍රතික්‍රියා වේගය සමඟ තරගයට එක් වූ කවීශ කඩුල්ල බිඳ වැටුණ ද තත්පර 24.33 ක කාලයක් ගත කරමින් ඇඳ වැටීමෙන් ඇති වූ ආබාධ තත්ත්වය මතම තරගය නිම කිරීම කැපී පෙණුනා.මේ සමඟ ඇති ඡායාරූප දෙක පැහැදිළිව නිරීක්ෂණය කළහොත් කඩුල්ලේ හරස් භාරය කැඩී වීසි වෙන ආකාරය දැක ගත හැකියි.සාමාන්‍යයෙන් එවැනි ආකාරයට කඩුලු බිඳී යන්නේ නැති අතර ඒ නිසා ඔහුගේ ඉදරියෙන් බිඳුණු කඩුල්ලේ හරස් භාරය තිබීම ද ඇඳ වැටීමට හේතු වූවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...