බංග්ලාදේශයේ කාන්තාවන්ට වෙනම මුහුදු තීරයක් – තීරණය පැය කිහිපයකින් රිවස් !

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා. කාන්තා සංවිධාන රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොක්ස් බසාර් ප්‍රදේශයේ මීටර් 150 ක දිගකින් යුත් මුහුදු තීරයක් ඒ සඳහා තෝරාගෙන තිබිණි.

කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඇතැමුන් පවසා තිබෙන්නේ මෙවැනි තීරණ ගැනීම ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමක් ලෙසයි. මේ නිසා මෙම තීරණය වහාම හකුලා ගන්නා ලෙස එරට රජයට බලපෑම් එල්ල විය.

එල්ල වූ බලපෑම් හමුවේ පැය කිහිපයක් තුළ සිය තීරණය ආපසු හරවා ගැනීමට බංග්ලාදේශ රජයට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...