යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට එයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

අද (25) උදෑසන, යෝෂිත රාජපක්ෂ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණි නව වාර්තා වේ. ඒ කොළඹ පාර්ක් වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

ඒ අනුව, පැය දෙකකට වැඩි කාලයක් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවටයි වාර්තා වේ.පාර්ක් විදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට යෝෂිත රාජපක්ෂ මහතා සමග පැමිණි පිරිසක් ඇතුළු වූ අවස්ථාවේ ගැටුමක් හට ගත් බවටයි වාර්තා විය.

එහිදී ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියාට පහරදීමක් සිදුවු අතර ඉන් තුවාල ලැබු එම නිලධාරියා රෝහල් ගත කෙරුණ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤයවීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පරීක්ෂණ ආරම්භ කෙරුණි.

ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂට පැමිණෙන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය දැනුම් දී තිබු අතර ඒ අනුව යෝෂිත රාජපක්ෂ අද (25) පොලිසියට පැමිණි අතර, පැය දෙකකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගත් බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...