මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර දිවිගමනට සමුදෙයි!

Date:

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ. මිය යන විට ඔහු 95 වන වියේ පසු වී ඇත.

ඒ මහතා, ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (1955) සම්පූර්ණ කර ඇත. ඉන්පසු වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය (1958) සහ ආචාර්ය උපාධිය (1964) ලබාගෙන ඇති බව පැවසේ.

තවද, ඒ මහතා 1968 වසරේ සිට 1972 දක්වා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානියාද වූ ඒ මහතා , 1972 වසරේ සිට 1980 දක්වා සැන් ඩියාගේ හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකුද විය.

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වීමට පෙර මෙරට මෙන්ම වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සහ සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය තනතුරු හොබවා තිබෙන බවද සඳහන් වේ.

එමෙන්ම 1983 වසරේ සිට 1988 දක්වා ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගණනාත් ඔබේසේකර මහතා,1988 සිට 2000 වසරේ විශ්‍රාම යන තෙක් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ප්‍රධානි සහ මහාචාර්යවරයෙකු වූ බවද සඳහන් වේ.

ඒ මහතා මෙරට බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයයන් කෙරෙහි බලපෑම් සහගත අධ්‍යන සිදුකළ මානව විද්‍යාඥයෙකු ලෙසද සඳහන් වේ.

දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත් ඇදහිල්ල ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද ශාස්ත්‍රීය අධ්‍යයනයන් බව පැවසෙන අතර, මෙරට සහ ඉන්දියාවේ ක්ෂේත්‍ර කටයුතුවල නියැලී සිටි අතර ඔහු වඩාත් උනන්දු වූයේ මනෝ විශ්ලේෂණය සහ මානව විද්‍යාව මෙන්ම ආගමික අත්දැකීම් සමග පුද්ගලික සංකේතවාදය සම්බන්ධ වන ආකාරයන් පිළිබඳව බව පැවසේ.

එතුමාගේ ජීවිත කාලය තුළදී, ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා තමන් පරිශීලනය කළ පොත් පත් රැසක් අඩංගුව තිබූ සිය පුස්තකාලයද පේරාදේණිය විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබූ බවද වාර්තාවේ.

තවද, මහාචාර්ය ගණනාත් ඔබේසේකරමහතා විසින් රචනා කරන ලද කෘතීන් අතරට වැදගත් කෘතියක් වූයේ සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික අධ්‍යයනයක් වූ ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන් කෘතියයි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සමාජය, ඉතිහාසය හා දේශපාලනය පිළිබඳව ඔහු විසින් ගොඩ නගා ඇති අතිවිශාල සමාජ-මානව විද්‍යාත්මක පර්යේෂිත දැනුම් සම්භාරය අති විශාල බව කිව යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...