ඉන්දීය ජාතික Yogi Patel ට මෙරටදී බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවම්!

0
433

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

පසුගිය 2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු “කැන්ඩි ආමි සෑම්ප්” කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික  Akash (Yogi) Patel අයට මාතලේ මහාධිකරණය මගින් අද බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබෙන බව වාර්තා වේ.

තවද අදාළ විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළ බව වාර්තා වේ.