දකුණු කොරියාවේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අහිමි වුණ ජීවිත ගණන 18 දක්වා ඉහළට!

Date:

සටහන – පුලී
මාර්තු 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාපය තුළ ලැව්ගිනි අඛණ්ඩව පැතිර යාම හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අර්බුදය තවමත් තීරණාත්මක වන අතර එය රටේ ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වය ලෙස වාර්තා වන බව වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ පැවසීය.

මියගිය බොහෝ දෙනෙක් වයස අවුරුදු 60 සහ 70 වයස් කාණ්ඩයෙහි පසුවන අතර 23,000 කට වැඩි පිරිසක් අදාල ප්‍රදේශ වලින් ඉවත් කර ඇති බව බලධාරීහු ප්‍රකාශ කර තිබේ.

උයිසොං නගරයේ වසර 1,300 ක් පැරණි ගවුන්සා දේවාලය ගින්නෙන් විනාශ වී ඇති අතර, එහිදී බොහෝ සංස්කෘතික ධාතු ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට ප්‍රවාහනය කල බව ද වාර්තා වේ.

ඉකුත් සිකුරාදා දහවල් සැන්චියොං ප්‍රාන්තයේ සිට ගින්න ආරම්භ වූ අතර පසුව උයිසොං ප්‍රාන්තය දක්වා එය පැතිර ගිය බව බලධාරීන් පැවසීය.

දැඩි හා වියළි සුළං හේතුවෙන් ගින්න අසල්වැසි ප්‍රාන්ත වන ඇන්ඩොං, චියොංසොං, යෙයොංයැං සහ යෙයොංඩියොක් වෙත වේගයෙන් පැතිර යමින් පවතින බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...