නයිට් ක්ලබ් සිද්ධියට භාරවූ සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට. විමර්ශනයට ඉහළින් බලපෑම් ?

Date:

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් පසුගියදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇතිකරගත් ගැටුමට අදාළව පොලීසියට භාරවූ සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

අද (26) පෙරවරුවේ භාර වූ ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන බව සඳහන්.

සැකකරුවන් සිව්දෙනා අද දිනයේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඉහළින් යම් බලපෑමක් එල්ල වන බවත් ආරංචිමාර්ග පවසයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඊයේ (25) දිනයේදී පැය තුනක පමණ කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මීට යෝෂිත රාජපක්ෂ ද සම්බන්ධ බවට කරුණු ගැලපීමටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන ආකාරයට විමර්ශන සිදුකිරීමටත් ඉහළින් බලපෑම් එල්ල වී ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්ව තිබුණු අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...