ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීම මාස 03 කට කල් දමයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය මාස 03 කට අත්හිටුවා තිබෙනවා. කෝප් කමිටුවේ තීරණය මත ගුවන් යානා මිලදී ගැනීම කල්දැමූ බවයි එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර කාරක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් චරිත ‌හේරත් මහතා මේ බව සඳහන් කළේය.

UN