චාමරගෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ (LNW):

රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි , කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් වේ.

චාමර මහතා රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටින අතර, පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රඳවා සිටින්නේ ද ‘එම්’ වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි පවසයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග තවත් රැඳවියන් අට දෙනෙකු පමණ එම් වාට්ටුවේ රඳවා සිටින බව වාර්තා වේ. බන්ධනාගාර ආරංචි පැවසුවේ, සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට ලබා දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට ද ලබා දී ඇති බවයි. පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ද ලබා දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...