පරිසර අමාත්‍යංශයෙන් අලි මිනිස් ගැටුම ගැන අවධානය!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ (LNW):

මහජන සහභාගිත්වය තුළින් වන අලි සංරක්‍ෂණ ක්‍රියාවලිය සිදු කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම බහුල වශයෙන් සිදුවී ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

එම අමාත්‍යංශය සඳහන් කළේ, මෙම වසරේදී ගම්මාන 23ක ඊට අදාළ වැඩසටහන් 43ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ගම්මාන මට්ටමින් විදුලි වැට ඉදිකිරීම් සහ මුරපොළ ස්ථාපිත කිරීම මගින් සිවිල් ආරක්‍ෂක භටයන්ගේ දායකත්වයෙන් ගම්මානවලට අලි පැමිණීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගද කඩිනම් පියවර ලෙස හඳුනාගෙන ඇති බවද, වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා කියා සිටියේය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අලින්ගෙන් වන හානි අවම කිරීම සඳහා ගම්මාන ආශ්‍රිතව ඉදි කර ඇති අලිවැටවල කොටස් සොරකම් කිරීම ඇතැමුන් විසින් සිදු කරන බවයි.  

පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන 90ක් පමණ වටිනා අලිවැටවල්වල විවිධ කොටස් සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව, එහි රක්‍ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංජුල අමරරත්න මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...