ඇමරිකාවේ තීරුබදුවලට චීනයෙන් දැඩි විරෝධය!

කොළඹ LNW:ඇමරිකාව සියලු වෙළඳ හවුල්කරුවන් සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරුද්ධත්වය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය දැඩි පියවර ගනු ඇතැයි චීනය කියාසිටී.

ඇමරිකාව වසර ගණනාවක් බහුපාර්ශ්වික වෙළඳ සාකච්ඡා හරහා අත්පත් කරගත් සමබරතාවය මෙන්ම, දිගු කලක් ජාත්‍යන්තර වෙළඳාමෙන් තමන්ට හිමි වූ විශාල ප්‍රතිලාභ ද නොසලකා හැර ඇතැයි චීනය පෙන්වා දෙයි. ඇමරිකාව ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමට තීරණය කළේ, තමන්ට අනන්‍ය ලෙස සහ ඒකපාර්ශ්වික තක්සේරුව මත පමණක් පදනම්ව ය. එය ජාත්‍යන්තර වෙළඳ නීතිවලට නොගැළපෙන අතර අදාළ පාර්ශ්වයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවන්ට බරපතල ලෙස හානි කරනු ඇත. එය ඒකපාර්ශ්වික හිරිහැර කිරීමේ පුරුද්දක් බව ද චීනය පවසයි.

තීරුබදු ඉහළ දැමීම, ඇමරිකාවේ අවශ්‍යතාවලට පමණක් නොව ගෝලීය ආර්ථික සංවර්ධනයට සහ නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට ද හානිදායක බව ඉතිහාසය සනාථ කර ඇත. ඒකපාර්ශ්වික තීරුබදු ක්‍රියාමාර්ග කඩිනමින් අවලංගු කරන ලෙසත් තම වෙළඳ හවුල්කරුවන් සමඟ ඇති මතභේද සමාන සංවාද මාර්ගයෙන් නිසි ලෙස විසඳා ගන්නා ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීනය අවධාරණය කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...