මීටර් සියය සහය දුවන කණ්ඩායමට කල් තියා බිර්සා මුන්ඩා දොර හැරෙයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 03,කොළඹ LNW :

මැයි 3 සිට 5 දා දක්වා ඉන්දියාවේ රංචි දිස්ත්‍රික්කයේ ජාර්ක්හාන්ඩී හී පිහිටි බිර්සා මුන්ඩා ක්‍රීඩාංගණයේ පැවත්වෙන සිව්වන ජ්‍යෙෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීටර් 100 පිරිමි සහය දිවීමේ කණ්ඩායම මේ දිනවල එම ක්‍රීඩාංගණය පාදක කරගෙන පුහුණුවීම්වල නිරත වෙනවා.


මෙම සහය දිවීමේ කණ්ඩායමට යුපුන් අබේකෝන් ද සහභාගි වීමට නියමිත අතර මේ වන විට අනෙකුත් ක්‍රීඩකයින් වන චමෝද් යෝධසිංහ,මෙරොන් විජේසිංහ,දිනෙත් වීරරත්න සහ එච්ඩීඑම්සීබි දිසානායක ඇතුළත් වෙනවා.එසේම මෙම ජාතික සහය දිවිමේ කණ්ඩායමට සහය වීමට ඩීඩීඑස් දියලවත්ත,ටීබී උඩගෙදර,ඩීපීඑච් ගම්ලත්,දිමුත් ගයාශාන් සහ ආර්පීකේඑන් චතුරංග ද මෙම පුහුණුව සඳහා එක් වි සිටිනවා.


මෙම සහය දිවීමේ කණ්ඩායම සමඟ පුහුණුකරු ලෙස විමුක්ති ද සොයිසා එක් වී සිටින අතර ලාල් අබේවික්‍රමද ඔහුගේ සහයට සිටිනවා.මේ සමඟ කණ්ඩායමේ ඡායාරූප මෙන්ම ඔවුන්ගේ පුහුණු අවස්ථාවල විඩියෝ දර්ශන ද එක් කර තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...