69 වසරකට පසු අද රටම හර්තාල් !!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත එක්දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ.

වෘත්තීය සමිති 2000ක පමණ සහාය මීට හිමිව ඇති අතර දිවයින පුරා නගරවල කඩසාප්පු වසාදමා කළුකොඩි ඔසවා විරෝධය පෑමට ජනතාව සූදානමින් සිටී.

එසේම අද දිනයේදී දිවයින පුරා ගම්, නගරවල ජනතාව වීදි බැස උද්ඝෝෂණ කිරීමට ද නියමිතව ඇති අතර මහපාරේ ආහාර පිසීම ඇතුළු විවිධාකාර ක්‍රමවේද ඔස්සේ සිය විරෝධය පෙන්වා සිටීමට ද නියමිතය.

මීට පෙර 1953 වසරේදී ශ්‍රී ලංකාවේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර අද මෙම දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය එයින් 69 වසරකට පසු සිදුවීම ද විශේෂත්වයකි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාගත් 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණය සමග ද එය සමපාත වේ.

මෙම එක්දින හර්තාල් ව්‍යාපාරයේ බලපෑම අනුව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් මැයි 11 වනදා සිට රටේ සියලුම වැඩ නතර කරමින් දීපව්‍යාප්ත අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට ද නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...