69 වසරකට පසු අද රටම හර්තාල් !!

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත එක්දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ.

වෘත්තීය සමිති 2000ක පමණ සහාය මීට හිමිව ඇති අතර දිවයින පුරා නගරවල කඩසාප්පු වසාදමා කළුකොඩි ඔසවා විරෝධය පෑමට ජනතාව සූදානමින් සිටී.

එසේම අද දිනයේදී දිවයින පුරා ගම්, නගරවල ජනතාව වීදි බැස උද්ඝෝෂණ කිරීමට ද නියමිතව ඇති අතර මහපාරේ ආහාර පිසීම ඇතුළු විවිධාකාර ක්‍රමවේද ඔස්සේ සිය විරෝධය පෙන්වා සිටීමට ද නියමිතය.

මීට පෙර 1953 වසරේදී ශ්‍රී ලංකාවේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර අද මෙම දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය එයින් 69 වසරකට පසු සිදුවීම ද විශේෂත්වයකි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාගත් 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණය සමග ද එය සමපාත වේ.

මෙම එක්දින හර්තාල් ව්‍යාපාරයේ බලපෑම අනුව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් මැයි 11 වනදා සිට රටේ සියලුම වැඩ නතර කරමින් දීපව්‍යාප්ත අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට ද නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...