පෙර කලෙක සිංහයෙක් ව සිට අද වන විට සිර මැදිරියක සුව විදින ඔහුත්, නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වෙයි!

Date:

සටහන – පුලී
අප්‍රේල් 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 දැනට සිරගතව සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙවන වරටත් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂය වන පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ ද වන ඉම්රාන් ඛාන් මහතා 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටී.

ලෝකයේ බලවතුන් සමඟ හරි හරියට තම නම ලෝකයට ගෙන ගිය ඔහු අද වනවිට සිරබත් කන්නේ එක් ඇසිල්ලකින් සිය තත්ත්වය කනපිට හරවමිනි.

“පාකිස්තානයේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා ඔහු දැරූ උත්සාහයන් වෙනුවෙන් ඛාන් මෙම ගෞරවනීය සම්මානය සඳහා නම් කර ඇති බව ඊට අදාළ උපදේශක කණ්ඩායම පැවසීය.

සෑම වසරකම නෝර්වීජියානු නොබෙල් කමිටුවට සිය ගණනක් නාමයෝජනා මේ සඳහා ලැබෙන අතර, ඉන් පසුව ඔවුන් මාස අටක දීර්ඝ ක්‍රියාවලියක් හරහා ජයග්‍රාහකයා තෝරා පත්කර ගන්නා බව ද ප්‍රකාශ කරයි.

ඉන්දියාව සමඟ ඇති ආතතීන් උත්සන්න වීම වළකාලමින් දකුණු ආසියාව පුරා සාමය ඇති කිරීමට ඔහු දැරූ උත්සාහය වෙනුවෙන් ඉම්රාන් ඛාන් මීට පෙර 2019 දී ද ගෞරවනීය සම්මානය සඳහා නම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...