තායිලන්ත කථානායක චුවාන් ලීක්පායි මහතා තායි බාත් 700,000 ක් ශ්‍රී ලංකාවට භාර දෙයි

Date:

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ සභාපති සහ නියෝජිත මණ්ඩලයේ කථානායක චුවාන් ලීක්පායි මැතිතුමා 2022 අප්‍රේල් 25 වැනි බැංකොක් හි පිහිටි පාර්ලිමේන්තුවේ දීතායි බාත් 700,000 ක චෙක්පතක් තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙත භාර දුන්නේ ය.

මෙවැනි දුෂ්කර අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය වීම සඳහා තමන් දියත් කළ මෙම මුලපිරීමට සහය ලබා දීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ සභාපති සහ නියෝජිත මණ්ඩලයේ කථානායක චුවාන් ලීක්පායි මැතිතුමා, තායිලන්තය බුදු දහම ආශ්‍රිතව රටානකොසින් යුගයේ සිට දිගු කාලීන වශයෙන් සම්බන්ධතා ගොඩනගා ගත් ලොව එකම රට වන්නේ ශ්‍රී ලංකාව බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව තායි දේශපාලනඥයන්, නියෝජිත මණ්ඩලයේ මන්ත්‍රීවරුන් සහ සෙනෙට් සභිකයන් සාකච්ඡා කළ බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. තායි බාත් 700,000 ක වටිනාකමින් යුත් මෙම පරිත්‍යාග මුදල එතරම් විශාල මුදල් ප්‍රමාණයක් නොවුවද, එමඟින් දුෂ්කර කාලවලදී එකිනෙකාට උපකාර කරන සැබෑ මිතුරන්ගේ මිත්‍රත්වය නිරූපණය වන බවද එතුමා ප්‍රකාශ කළේ ය.

වත්මන් කොවිඩ්-19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ වුවද සියලුම මිනිසුන් අතර කරුණාව හා සහයෝගය පදනම් වූ ධනාත්මක නැඹුරුවක් දැකගත හැකි බව වොට් ෆ්‍රා චෙටුෆෝන් විමොන් මන්ඛලාරාම් රාජ්වාරාමහාවිහාන් හි අතිපූජ්‍ය සොම්ඩෙට් ෆ්‍රා මහා තිරාචන් ස්වාමීන්ද්‍රයන් සහ තායිලන්තයේ උත්තරීතර සංඝ සභාවේ කමිටුව අවධාරණය කළහ. තවද,සොම්ඩෙට් ෆ්‍රා මහා තිරාචන් ස්වාමීන්ද්‍රයන් සියලුම ආගම්වල හිතෛශීන් වෙත සිය කෘතඥතාව පළ කළහ.

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ සභාපති සහ නියෝජිත මණ්ඩලයේ කථානායකවරයා, බෞද්ධ සංඝරත්නය, තායිලන්ත රාජධානියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ හිතෛශීන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ කාරුණික සහයෝගය සම්බන්ධයෙන් තානාපති සී.ඒ. චාමින්දා කොළොන්නේ මැතිනිය සිය හදපිරි කෘතඥතාව පළ කළා ය.

තායිලන්ත උත්තරීතර සංඝ සභාවේ කමිටුවේ සහ වොට් පතුම් කොංකා විහාරස්ථානයේ ආශ්‍රමාධිපති අතිපූජ්‍ය ෆ්‍රාප්‍රොම්සෙනබොඩී ස්වාමීන්ද්‍රයන්, ධම්මදූත ඉන්දියාව – නේපාලය සහ වොට් තායි බුද්ධගයාවේ ආශ්‍රමාධිපති අතිපූජ්‍ය ෆ්‍රාධම්මබෝතිවොන්ග් ස්වාමීන්ද්‍රයන්, සෙනෙට් සභාවේ ලේකම් කාර්යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කමිටුවේ සෙනෙට් සභික පිකුල්කේව් ක්‍රයිරොක් මහතා, ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයන් වන ආචාර්ය ඉස්සාරා සෙරීවත්තනාවුට් මහතා සහ ඔන්ගාට් ක්ලැම්පයිබූන් යනාදීහු ද මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අතර විය. තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඒ.ඩබ්ලිව්.එස්.සමන්මලී මහත්මිය ද තානාපතිනිය සමඟ මෙම අවස්ථාවට සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...