චාමර සම්පත් යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යළි එළෙඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, අද (07)බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට පත්වන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදුකරන ලද දුෂිත ගණුදෙනු තුනකට අදාළවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම චෝදනා ගොණු කර තිබුණි.

රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවකි.

අනෙක් චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි.

තුන්වන චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළාත් සභාව පවත්වාගෙන ගිය ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීමයි. උක්ත සෙසු චෝදනා දෙකට ඔහුට ඇප හිමි වුවද රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව ඇත්තේ තුන්වෙනි චෝදනාව ප්‍රකාරවය.

ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පසුගිය (27) වැනිදා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...