තහනම් උත්තේජන වැට සවිමත් කිරීමට ඉන්දියාවට ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට නව සභාපතිණිය වැදගත් – පී.ටී.ඌෂා

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 08 කොළඹ LNW :

තහනම් උත්තේජනයට එරෙහිව ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීමට නව ඔලිම්පික් කමිටු සභාපතිණිය සමත් වනු ඇතැයි ඉන්දීය ඔලිම්පික් කමිටු සභාපති පී.ටී.ඌෂා පවසනවා.ස්පෝර්ස්ට් ස්ටාර් සඟරාවට අදහස් දක්වමින් ඌෂා පවසා ඇත්තේ ඇයගේ පත්වීම ඉන්දියාවේ ඔලිම්පික් උළෙලක් පැවත්වීමේ සිහිනය යථාර්තයක් කර ගන්නද බෙහෙවින් උපකාරි වනු ඇති බවයි.ඔවුන් මේ වන විට 2026 ඔලිම්පික් උළෙල පැවත්වීම සඳහා අහමදාබාද් නගරය යෝජනා කරමින් නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඌෂා පෙන්වා දෙන්නේ ඔලිම්පික් කමිටු සභාපතිණිය කිර්ස්ටි කොවෙන්ට්‍රිගේ මැදිහත් වීම ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සියේ (ITA) මණ්ඩල සාමාජිකාවක් වීමට මෙන්ම ITA පිහිටුවීම හා වර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවය. ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය IOC වෙනුවෙන් නියෝජනය කළ සහ පසුව WADA හි මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකාවක් ද වීම සහ එහිදී කරන ලද කැපවීම් කිර්ස්ටි කොවෙන්ට්‍රි සම්බන්ධයෙන් ඌෂා විශ්වාසයෙන් කතා කරන්නට හේතු වී තිබුණාය.

41 හැවිරිදි ඇය පියරේ ද කූබර්ටින්ගෙන් පසු IOC හි දෙවන ලාබාලතම සභාපති වන අතර ඉතිහාසයේ පළමු සභාපතිණිය ද වන්නීය.එසේම ඉන්දියානු ඔලිම්පික් සංගමයේ පළමු කාන්තා සභාපතිනිය වන උෂා ය.දෙදෙනාටම ඔලිම්පික් නියෝජනයේ අත්දැකීම් ඇති අතර ඌෂා ඒ අතරින් පිහිණුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනා ඇති තමන්ට වඩා ඔලිම්පික් හී ජයග්‍රාහී ඉතිහාසයක් ඇති කොවෙන්ට්‍රි ගැන සඳහන් කරන්නෙ, ඇය සභාපතිණිය වීමෙන් අප්‍රිකාවට පමණක් නොව ආසියාවටද නව ඉඩක් ජාත්‍යන්තර ඔලිම්පික් තුළ සැකසූ බවය.

“එය කාන්තා සවිබල ගැන්වීම සඳහා විශිෂ්ට වර්ධනයකි. මට තවත් කාන්තාවන් සම්මේලනවලට සම්බන්ධ වීම දැකීමට අවශ්‍යයි. එය සමස්තයක් වශයෙන් ක්‍රීඩාවට හොඳ වනු ඇත.” ඌෂා එහිදි කොවෙන්ට්‍රිගේ පත්විම තවත් කාන්තාවන් පත්විමට ඉඩ සකසනු ඇති බවට ඉඟි කරමින් පවසා ඇත.

“ඉන්දියාවට IOC සහයෝගිතා අරමුදල් රාශියක් ආකර්ෂණය කර ගත හැකිය. එමෙන්ම ඔලිම්පික් පැවැත්වීමේ අපගේ සිහිනය ඉදිරියට ගෙන යාමට අපි මෙම අවස්ථාව භාවිතා කළ යුතුයි.” යන්න ද ඌෂා විශ්වාසයෙන් යුතුව මෙහිදී සඳහන් කර ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...