පනත සම්මතයි. දැන් උගන්ඩාවේ සල්ලි ආපහු ගේන දින වකවානු කියන්න – චමින්දගෙන් ඇමතිලාට අභියෝගයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධයකින් උත්පාදිත දේ රාජසන්තක කිරීමේ පනත සම්මත කෙරෙන බැවින් එදා උගන්ඩාවේ ඇතැයි කියූ ඩොලර් බිලියන ගණනක දැවැන්ත මුදල මෙරටට ගෙන එන දින වකවානු ද මේත් සමගම රටට ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ආණ්ඩුවේ ඉදිරි පෙළ ඇමතිවරුන්ට අභියෝග කළේය.

“දැන් උගන්ඩාවේ තියෙනවායි කියලා ඔබ කියපු සල්ලි – කවුදෝ මන්ත්‍රීවරියක් නෑ කිව්වා, හැබැයි තියෙන්න ඕනෙ ඔබ කියපු විදියට, හඬපට තිබෙනවා, කතා කරපු තැන් තියෙනවා, දින තියෙනවා උගන්ඩාවෙ සල්ලි තියෙනවා මැදමුලනෙ සල්ලි තියෙනවා කියලා – ඒ හැම එකක්ම මේ පනත සම්මත වෙලා අවුරුද්දක්ද ගතවෙන්නෙ, මාසයක්ද ගතවෙන්නෙ, සතියක්ද ගතවෙන්නෙ, ඒවා ගේනවද ගන්නවද නැද්ද කියන කාරණෙත් මේ විවාදය අවසන් වෙන්න කලින් කොන්දක් තියෙන ආණ්ඩුවේ ඉදිරිපෙළ ඇමතිවරයෙක් කියන්න පුළුවන් නම්. උගන්ඩාවෙ තියෙන ඒ සල්ලි මේ පනත සම්මත වුණාම ගේන ක්‍රමවේදය. එහෙම නැත්නම් සිංගප්පූරුවේ ඉන්න අර්ජුන මහේන්ද්‍රන්ව නැවත ලංකාවට ගෙනල්ලා මහබැංකු බැඳුම්කර වංචාවේ අයථා ගනුදෙනු නැවත රාජසන්තක කරන ක්‍රමවේදය දින වකවානුත් එක්ක කියන්න පුළුවන් නම් කියන්න”

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේ පැවති අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...