විරෙන්,රනිත්මා සමඟ ඉසුරි -සිතුමි සහ මධුක ලිහිරු යුගලත් ආසියානු සූරතාවලියේ පෙරට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 09 කොළඹ LNW :

චිනයේ ක්‍රියාත්මක නින්ග්බෝ ආසියානු බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන විරෙන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සුදුසුකම් ලැබීමේ වටවල තමන් නියෝජනය කළ කාණ්ඩය ජය ගනිමින් අද (අප්‍රේල් 9) පැවත්වෙන ප්‍රධාන තරග කාල සටහනේ තැනක් එකතු කර ගන්නට සමත් වුණා.
විරේන් පිරිමි අංශයේ දී වියට්නාමයේ ලේ ඩුක් පාහ්ට් වට 2-1 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා. 14 – 21,21-11 සහ 21-13 ක් ලෙස එම තරගයේ ලකුණු සටහන දැක් වුණා.විරේන් බෘනියි හී කාහ් කිට් කන් ලකුණු 21- 10 ක් සහ 21 -5 ලෙස පහසුවෙන් පරාජය කරමින් තමන්ගේ කාණ්ඩයේ පළමු තැන දිනා ගත්තා.අද විරේන්ට හමුවීමට නියමිතව ඇත්තේ චීන ක්‍රීඩක ලී ෂීන්ග් ෆෙන්ග් වන අතර ඔහු මේ තරගාවලියට සම්බන්ධිත තරගකරුවන් අතර 4 වන තැන සිටිනවා.


රනිත්මා ද කාන්තා අංශයේ මූලික තරගවලදී සිය කාණ්ඩයේ පළමුුවැන්නිය වූවා.ඇය විසින් පිලිපීනයේ ඩි ගුස්මාන් මිකේලා ජෝයි ලකුණු 21-11, 18 -21 සහ 21 – 7 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.ඇයගේ කාණ්ඩයේ මැලේසියා තරගකාරිය වූ කරුපතේවන් ලෙට්සන්නා තරගාවලියට සහභාගි නොවන නිසා ලද නිතරග ජයත් සමඟ රනිත්මා එම කාණ්ඩයේ පළමුවැන්නිය වූවා.ඇයත් අද ප්‍රථමවරට 32 වටයේ දී ජපානයේ නට්සුකී නිදයිරා සමඟ තරග කරනවා.


කාන්තා අංශයේ මූලික වටයේදී තායිලන්තයේ ටිඩාපෝර්න් ක්ලීබ්යීසන් සහ නට්මන් ලයිසුන්ට එරෙහිව නිතරග ජයකින් ප්‍රධාන තරග සටහනට ඇතුළත් වෙන්නට සිතුම් දි සිල්වා සහ ඉසුරි අත්තනායක සමත් වුණා.මධුක දුලාංජන සහ ලහිරු විරසිංහ ද තමන්ගේ කාණ්ඩයෙන් මූලික තරග ජය ගෙන අවසන් යුගල 32 අතරට පැමිණ තිබෙනවා.ඔවුන්ට ජපානයේ කසුකි ෂිබාටා සහ නාඔකී යාමාඩා වෙතින් පහසු ජයක් හිමි වුණා.එසේම ලහිරු සහ මධුක විසින් බෘනායි හී මහර්නිෆ් අලි සහ මොහොමඩ් ඉක්බාල් අසිරෆ් ලකුනු 21 – 15 ක් සහ 21 -13 ක් ලෙස පරාජයට පත් කරන්නටත් සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...