පුටින්ගෙන් මෝදිට ඇරයුමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය සඳහා, සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

එම සැමරුම් උත්සවය මැයි 09 වනදා පැවැත්වීමට නියමිත අතර, ඊට රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2024 වසරේදීද ඉන්දීය අගමැතිවරයා රුසියාවේ සංචාරයක නිරත වුණ අතර, එහිදී රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෝදි අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ, එම ආරාධනය රුසියානු ජනාධිපතිවරයා පිළිගෙන තිබුණද ඉන්දියාවේ සංචාරයේ නිරත දිනයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...