*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

ඇමරිකාවට මුහුණ දෙන්න ආණ්ඩුවත් විපක්ෂයත් සූදානම් – සර්ව පාක්ෂික හමුව සාධනීය දිශාවකට!

කොළඹ LNW:ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ ඉල්ලීම මත ඊයේ (10) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාව සාධනීය බවට විපක්ෂයේ මන්ත්‍රීවරු තහවුරු කර තිබේ.

විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර විපක්ෂ මතයන්ට ගරු කරමින් ජනාධිපතිවරයා කතා කළ බව එම මන්ත්‍රීවරුන්ගේ පොදු අදහස ලෙස දැක්විය හැකියි. ඒ අනුව එම සාකච්ජාව සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ,

”සාකච්ජාව ධනත්මයි. සාර්ථකයි. අපේ අදහස් සහ ජනාධිපතිතුමාගේ අදහස් එකවාගේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. එතුමා කිව්වේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වා වෙළෙඳ පරතරය අඩුකරගන්න මොකක්ද වැඩපිළිවෙල කියල. හැබැයි භාණ්ඩාගාර ලේකම් විශේෂ ලියුමක් ලියල තියෙනවා. ඒකත් එක්ක තමයි මේ වැඩේ පටන් ගන්නේ විපක්ෂයෙන් ඊට වඩා වෙනස් අදහස් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මධ්‍ය කාලීනව,දීර්ඝ කාලීනව රට ලෝකෙට එකතු කරන්න රටවල් අතර තියෙන තාප්ප කුඩු කරලා ඒ වෙනුවට පාලම් බදින්න ඕනේ කියන එක මම දැඩිවම කිව්වා. ඔහු ඇත්ත වශයෙන්ම ඒක පිළිගත්තා. ඇත්තටම හොඳයි. හොඳ දෙයක් වුණේ. අපේ අදහස් වලට ජනාධිපතිතුමා ගරු කළා.බොහොම හොඳ සාකච්ජාවක්.” ලෙසය.

මේ අතර එම සාකච්ජාවට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාද සහභාගී වී තිබුණි.

”මේක අපේ රට. මේකේ ජාතීන් හතරම ඉන්නවා. ඔයගොල්ලෝ හිතන්න එපා මම එන්නේ නැහැ කියල. මේක අනිවාර්යයෙන් එන්න ඕනේ එකක්. වැඩේ සාර්ථකයි.” යනුවෙන් ඔහු සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ අතර ඊට සහභාගී වී සිටි දෙමළ ජාතික සන්ධානය නියෝජන කරන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉදිරියේදී GSP ප්ලස් සහනයත් අහිමි වීමේ ඉඩක් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමුකල යුතු වන බවයි. එමෙන්ම පහුගිය කාලය තුළ ඇතිකරන ලද ආනයන අපනයන බදුවල ප්‍රශ්න තිබෙන අතර සෙස් බද්ද වුවද ඇති කළේ ඇතැම් ව්‍යාපාරිකයින් කෝටිපතියන් බවට පත්කිරීමට වන හෙයින් ඒ සම්බන්ධයෙන් ද සිය ස්ථාවරය පැහැදිලි කළ බවයි.

මේ අතර ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා පක්ෂ නායකයන් දැනුවත් කර තිබුණි.

අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස අවධානයට ගෙන තිබේ.

පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ එම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan