පිල්ලෙයාන්ව PTA යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අත් අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

පිල්ලෙයාන්ව අත් අඩංගුවට ගනු ලැබුවේ අප්‍රේල් 08 වනදා රාත්‍රියේ මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ය.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

එම මහාචාර්යවරයා පැහැරගෙන ගොස් තිබුණේ 2006 දෙසැම්බර් 15 වනදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියදී ය.

ඒ අනුව පිල්ලෙයාන්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනෙන්නේ වසර 18 කට පසුව වීම ද විශේෂත්වයකි.

මඩකලපුවේදී අත් අඩංගුවට ගැනුණු පිල්ලෙයාන්ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන පැමිණ තිබුණු අතර ඔහුව මුලින් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...